Showing posts with label සංරක්ශනය. Show all posts
Showing posts with label සංරක්ශනය. Show all posts

බ්ලොග් අඩවිය සංරක්ශනය සහ නැවත පිහිටුවා ගැනීම.


බ්ලොග් අඩවිය සංරක්ශනය සහ නැවත පිහිටුවා ගැනීම කියන්නෙ බ්ලොගර් කෙනෙකුට ඉතාමත්ම වැදගත් කරුනු දෙකක්. ඔබෙ බ්ලොග් අඩවියට හානියක් සිදු උවහොත් , ඔබව ගූග්ල් වෙතින් බෑන් කරනු ලැබුවහොත් ඔබට ඔබෙ බ්ලොග් එක නැවත ලිවීම ඉතාම අපහසු මෙනම සිත් වේදනා ගෙන දෙන දෙයක් වේවි.

මේ නිසා දැන් අපි ඔබෙ බ්ලොග් අඩවිය
සංරක්ශනය කරන ආකාරය සලකා බලමු.

මේ සඳහා Settings ටැබ් එකෙ Basic උප ටබ් එකට යන්න. දැන් ඔබට මෙවැනි දෙයක් දකින්න ලැබෙයි.






දැන් Export blog ඔබන්න.දැන් ඔබට මෙවැනි දෙයක් දකින්න ලැබෙයි.





දැන් මෙතනින් Download Blog ඔබා ඔබෙ බ්ලොග් අඩවිය සංරක්ශනය කරගන්න.



දැන් අපි ඔබෙ බ්ලොග් අඩවිය
නැවත පිහිටුවා ගන්නා ආකාරය සලකා බලමු.

ඒ සඳහා
Import blog ඔබන්න.දැන් ඔබට මෙවැනි දෙයක් දකින්න ලැබෙයි.





ඔබ මෙතනින් ඔබෙ බ්ලොග් එක Browse කර දී , පින්තූරයෙ තිබෙනා වචනය එලෙසම ඇතුල් කර Import Blog ඔබන්න.


ඔබට ඔබෙ බ්ලොග් අඩවිය අයින් කර දැමීමට අවශ්‍ය නම් Delete blog ඔබන්න.

අලුතින් ටෙම්ප්ලෙට් එකක් දාගැනීම

අලුතින් ටෙම්ප්ලෙට් එකක් දාගැනීමෙන් ඔය ගොල්ලන්ට පුලුවන් ඔයාලගෙ බ්ලොග් අඩවියට හුඟක් වැඩගත් වගෙම ලස්සන , සිත් ඇදගනා සුලු බවක් ලබාදීමට.

අපි හුඟක් අය බ්ලොගර් වල බ්ලොග් එක ඉස්සෙල්ලාම හදනකොට ලබාදෙන බ්ලොග්
ටෙම්ප්ලෙට් වලට කැමති නෑ.ඇත්තටම ඉතින් ඒවල ඇති ලස්සනකුත් නෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් අපිට නිකම් නෝට් පෑඩ් එකෙ , පොඩි වෙබ් අඩවියක් හදනවා වගෙ නම් හදන්න බෑ. බ්ලොග් ටෙම්ප්ලෙට් එකක් හදන්න නම් ඒ අන්ශයෙන් අති දක්ශයෙක් විය යුතුයි.

කොහොම කොහොම හරි ඉතින් කියන්න තියෙන්නෙ අපිට තනියෙන් නම් බ්ලොග්
ටෙම්ප්ලෙට් හදාගන්න බෑ.


ගූග්ලෙ එකෙ " බ්ලොගර්
ටෙම්ප්ලෙට්" කියල ගහල සර්ච් කර ගමන් ඕනෑ ටරම් බ්ලොග් ටෙම්ප්ලෙට් ඔයාලට ගන්න පුලුවන් වෙයි. ඒත් ඒ ඔක්කොම ලස්සන ඒව නෙමෙය්. සමහර ඒවට තියෙන්නෙ එක්කො එකපාටයි , දෙකය්. නැත්නම් පින්තූරයක් ගෑවිලා වත් නෑ.


අපිට අහුවෙන
ටෙම්ප්ලෙට් එකක් දාලත් බෑ. අපි අපෙ බ්ලොග් එකට , බ්ලොග් එකෙ තියෙන කරුනු වලට ගැලපෙන ටෙම්ප්ලෙට් එකක් දාන්න ඕනි. උදාහරනයක් විදිහට අපි පොඩි ළමයින්ට තියෙන බ්ලොග් එකකට කලු පාට පසුබිමක රෝස මල් ටිකක් තියෙන ටෙම්ප්ලෙට් එකකට වඩා කාටූන් චරිතයක් තියෙන ටෙම්ප්ලෙට් එකක් ගැලපෙනවනෙ.

ඒ නිසා හොඳට කලාත්මකව හිතල ඔයාගෙ
ටෙම්ප්ලෙට් එක තෝරගන්න.


අනික තමා
ටෙම්ප්ලෙට් මාරු කරන කොට අපි හැමවෙලේම අපෙ පරන ටෙම්ප්ලෙට් එක අරන් තියාගන්න ඕනි. මොකද , බැරි වෙලාවත් අලුත් ටෙම්ප්ලෙට් එකෙ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඉවරයිනෙ. ඒ සඳහා






Layout ටැබ් එකෙ Edit HTML උප ටැබ් එකෙ Backup / Restore Template යටතෙ ඇති Download Full Template ඔබා ඔබෙ පරිගනකයට save කර ගන්න.

දැන් ඔබ පහත සඳහන් මා තෝරාගත් වෙබ් අඩවියෙ ඇති පහත ඛාණ්ධ වලින් ඔබට ගැලපෙන යැයි සිතන ටෙම්ප්ලෙට් එකක් තෝරාගෙන ඔබෙ පරිගනකයෙ Save කර ගන්න.




ටෙම්ප්ලෙට් එකක් තෝරා Browse කර දී Upload ඔබන්න.

ආරක්ශිත පියවරවල් අනුගමනයට කැමති නම්
මෙම පියවරවල් අනුගමනය කරන්න. ( මෙතන කිල්ක් කරන්න )

එහි සඳහන් අන්දමට සියල්ල හොඳින් සිදු වුවෙ නම් ඔබන්න.

දැන් බලන්න ඔබෙ බ්ලොග් එකෙ හැඩ !