Showing posts with label අයිකන්. Show all posts
Showing posts with label අයිකන්. Show all posts

බ්ලොගර් අයිකන් එක ඉවත් කරීම

ඔය ගොල්ලො දැකල ඇති එක එක වෙබ් අඩවි වලට ඒකටම ආවේනික අයිකන් එකක් වෙබ් අඩවි ලිපිනය ඉදිරියෙන් තිබෙනවා. මේ වගෙම ඔයගෙ බ්ලොග් අඩවියෙ ඉස්සරහෙනුත් "B" ලකුන සහිත තැඹිලි පාට ලකුනක් තියෙනවා.



මේ වෙනුවට අපිට කැමති එකක් දාගන්න පුලුවන් නම් අපෙ බ්ලොග් අඩවියට තවත් වැදගත් පෙනුමක් එනවා. දැන් අපි බලමු මෙම අයිකන් එක වෙනස් කරන හැටි.


මේ සඳහා 32*32 ප්‍රමානයට අයිකන් එකක් හදාගන්න.නැත්නම් මෙම Favicon maker- Create a favicon from any image වෙබ් අඩවිය භාවිතා කර අයිකන් එකක් සදා ගෙන www.imageshack.us වෙබ් අඩවියට අප්ලෝඩ් කර ගන්න.

නැතහොත් වෙනත් පින්තූර අප්ලෝඩ් කල හැකි අඩවියකට අප්ලෝඩ් කර , එම අයිකන් එකෙ වෙබ් ලිපිනය ලබා ගන්න.

( මෙම ක්‍රියාවලිය ඔබට අමාරු නම් මා හට දන්වන්න. මම ඔබට අයිකන් එකක් සදා දෙන්නම්. )

මෙසේ අයිකන් එක එකතු කිරීමට මෙසේ කරන්න.

මේ සඳහා ඔබ ඔබෙ බ්ලොග් අඩවියෙ ටෙම්ප්ලේට් එක HTML වලින් Edit කර ගත යුතුයි. ඉන්පසු Widget Expand කල යුතුයි. ( මෙය කරන ආකාරය දැන ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. )

දැන්
Ctrl+F ඔබා පහත සඳහන් codes පේලිය සොයා ගන්න.

<title><data:blog.pageTitle/></title>


දැන් එම පේලියට යටින් මෙම codes ටික paste කර ගන්න.


<link href='ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>


ඔබෙ අයිකන් එක png වර්ගයෙ එකක් නම් මෙම code එකද

<link href='
ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' rel='shortcut icon' type='image/png'/>

බෙ අයිකන් එක gif වර්ගයෙ එකක් නම් මෙම
code එකද

<link href='
ඔබෙ අයිකන් එකෙ වෙබ් ලිපිනය මෙතන paste කරන්න' type='image/gif'/>


පාවිච්චි කරන්න.

දැන්
ඔබන්න.