බ්ලොගින් සින්හලෙන්

බ්ලොගර් ( Blogger ) වලින් බ්ලොගින් ගැන කිසි දෙයක් දන්නෙ නැති අයටත් , තව වැඩිදුරට ඉගෙන ගන්න කැමති අයටත් ඉගෙන ගන්න පුලුවන් තැනක් තමා මේක. 

පුලුවන් තරම් සරලව , පලමු පියවරේ ඉඳන් බ්ලොග් එකෙ ටේම්ප්ලේට් එක වෙනස් කර තමන්ට කැමති විදිහට තමන්ගේ බ්ලොග් එක හදාගන්න තත්වෙ දක්වා ඔයාලට මේකෙන් ඉගෙන ගන්න පුලුවන්.....


බ්ලොගින් කියන්නෙ මොකක්ද ?

බ්ලොගින්ග් කියන්නෙ තමන්ගෙ අදහස් , දැනුම අන්තර්ජාලයේ නිකම්ම ( සල්ලි ගෙවන්නෙ නැතුව ) පල කරන එක.

සමහරු ( මම වගෙ අය ) හුඟක් වෙලාවට බ්ලොග්ස් ලියන්නෙ ජොලියට. මම නිකම් ඉන්න වෙලාවට කරන්නෙ සින්දුවක් දාගෙන බ්ලොග් එකක් ලියන එක.බ්ලොග්ස් දෙක තුකට වඩා කරන අයත් ඉන්නවා ... සමහරු 10 කට වඩාත් කරනවා... ඒත් හොඳම වැඩෙ තමා එකක් හරි හරියට කරන එක.

සමහර අය කරන්නෙ බ්ලොග් වල ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීම් පල කරලා සල්ලි හොයන එක. මේ වැඩෙන් ලන්කාවෙ සමහර අය මාසෙකට රුපියල් 20,000 - 30 000 හොයනවා.සමහරු ඊටත් වඩා හොයනවාලු.

කොහොමද වැඩෙ ?



සින්හලෙන් බ්ලොග්ස්

ඉස්සර සින්හලෙන් බ්ලොග්ස් අඩුයි. දැන් නම් ගොඩාක් හොඳ ඒවා ලොකු ගානක් තියෙනව. ඒත් ඉන්ග්‍රීසි බ්ලොග්ස් නම් වැහි වැහැලා. අපිට බ්ලොග් ලිපිනයක් ගන්න ගියාම තමා තේරෙන්නෙ කොයි තරම් බ්ලොග්ස් තියෙනවද කියලා. මම නම් කියන්නෙ සින්හලයො වෙන අපි බ්ලොග් ලියන්නත් ඕනි සින්හල වලින් කියල.

ඒත් එකෙන් එක අවාසියකුත් තියෙනවා. සින්හල යුනි කේත නැති හුඟක් අයට අපෙ සින්හල බ්ලොග්ස් කියවන්න බෑ. මට මතකයි මමත් අමුතු අමුතු භාශාවලින් ලියල කියල හිතල කොයි තරම් බ්ලොග්ස් අත ඇරියද කියල. දැන් තමා හිත්තෙන්නෙ ඒ සින්හල බ්ලොග්ස් වෙන්න ඇති කියල. ඒත් දැන් දැන් හුඟක් අය සින්හල බ්ලොග්ස් කියවන්න කැමැත්තක් දක්වනවා.

හොඳයි , දැන් මම කොහොමද බ්ලොග් එකක් හදා ගන්නෙ ? කව්ද මට නිකම් වෙබ් අඩවියක් දෙන්නෙ ?

ඇය් මේ මම ඉන්නෙ ? හිහ් හිහ් ! නෑ නෑ මම නෙමෙයි. ඕනි තරම් තැන් තියෙනවා බ්ලොග් ගහන්න ඉඩ දෙන. ඒව වලින් හුඟක් ම ප්‍රසිද්ධ එවා දෙකක් තියෙනවා.

එකක් තමා
බ්ලොගර්.

අනික තමා
වර්ඩ් ප්‍රෙස්.

ඔය දෙකෙනුත් ලෙසි , හුඟක් අය පාවිච්චි කරන එක තමා බ්ලොගර්.මමත් පාවිච්චි කරන්නෙ බ්ලොගර්.

බ්ලොගර් පාවිච්චි කරන එක හරි ලේසියි. ( අපි ඒව ඉස්සරහට බලමු. ) බ්ලොගර් අපිට මෙගා බයිට් 250 ක ඉඩක් දෙනව.
ඒත් අපිට අපෙ වෙබ් අඩවි ලිපිනයෙ අන්තිමට බ්ලොග්ස්පොට් කියල පාවිච්චි කරන්න වෙනවා. ( ඒක අයන් කරන හැටි අපි පස්සෙ බලමු. )

බ්ලොග්ස්පොට් කියන්නෙ ගූග්ල් ලගෙම තවත් කොටසක්. මම දකින් හැටියටනම් බ්ලොග්ස්පොට් වලට වඩා වර්ඩ්ප්‍රෙස් ලගෙ තියෙන එකම වාසිය තමා , වර්ඩ්ප්‍රෙස් ලට හුඟක් ලස්සන ටෙම්ප්ලෙට්ස් තියෙන එක. දැන් මේ මම පාවිච්චි කරල තියෙන එකත් වර්ඩ්ප්‍රෙස් ටෙම්ප්ලෙට් එකක්. මේක නම් වර්ඩ්ප්‍රෙස් වල ඉඳන් බ්ලොග්ස්පොට් ව්ලට හරවලා තියෙන්නෙ. ඔයාල කැමතිනම් වර්ඩ්ප්‍රෙස්ස් පත්තෙ රවුමක් ගහල එන්න. ඒතකොට තේරෙයි බ්ලොග්ස්පොට් වල තියෙන ලේසි කම.

හොඳයි ,

මම හිතන්නෙ මම බ්ලොගර් ගැන ඔක්කොම මූලික කරුනු ටික කිව්ව කියල. දැන් එහෙම නම් අපි වඩෙට බහිමු.

වැඩෙට බහින්න
මෙතන ක්ලික් කරන්න.

1 අදහස්:

Anonymous said...

Hi there superb website! Does running a blog similar to
this take a massive amount work? I've virtually no knowledge of computer programming however I was hoping to start my own blog soon. Anyway, should you have any recommendations or techniques for new blog owners please share. I know this is off topic nevertheless I just wanted to ask. Many thanks!

Here is my web site ... Free Batman Games

Post a Comment