Showing posts with label චැට් බොක්ස්. Show all posts
Showing posts with label චැට් බොක්ස්. Show all posts

චැට් බොක්ස්

චැට් බොක්ස් එකක් කියන්නෙ ඔයගෙ බ්ලොග් එකෙ ඔන්ලයින් ඉන්න කියවන්නන්ට කතා කරන්න පුලුවන් වෙන ගැජට් එකක්. මම කතා කරන්න කිව්වෙ කටහධින් නෙමෙයි , ටෙක්ස්ට් චැට්. ඒ කියන්නෙ වචන ටයිප් කරලා.....

මෙම චැට් බොක්ස් එකක්
දා ගැනීමෙන් ඔයාටත් වාසියක් තියෙනවා , මොකද ඔයාට පුලුවන් නෙ ඔයගෙ බ්ලොග් එක කියවන අයත් එක්ක කතා කරල , ඔයාගෙ බ්ලොග් එක ගැන ඒ අයගෙ අදහස් දැන ගන්න.

මේ චැට් බොක්ස් එක දාගන්න වැඩෙ කිරි කජු වගෙ ලේසියි. මොකද මේ වගෙ හදපු චැට් බොක්ස් නිකම් , නොමිලයෙ හැමෝටම ලබාදෙන වෙබ් අඩවි තියෙනවා. ඇත්තටම මේ වගෙ සේවා සපයන ආයතන බලාපොරොත්තු වෙන්නෙ
ඒගොල්ලො සපයන සේවාව සඳහා එක දෙයයි. ඒ ඔව්න්ගෙ වෙබ් අඩවිය සඳහා ලින්ක් එකක්.

බොහෝවිට මෙම ලින්ක් එක ඔවුන්ගෙ චැට් බොක්ස් එකෙම අන්තර්ගත කරලා තියෙනවා. අපි සමහරු මේ ලින්ක් එක මකලා දානවා.ඒත් මම නම් කියන්නෙ ඔව්න් සපයන එම නොමිලයෙ සේවාවට උදව්වක් වශයෙන් ඒ ලින්ක් එක තියන්න.


හොඳයි , දැන් අපි බලමු චැට් බොක්ස් එකක් දාගන්නා විදිහ.

ShoutMix

මේ තියෙන්නෙ ඉතාමත් හොඳ , චැට් බොක්ස් සපයන සේවාවක්. ඔබ මෙම වෙබ් අඩවියෙ රෙගිස්ටර් උන වහා ඔබට ඔබෙ චැට් බොක්ස් එක නිර්මාණය කෙරීම.

ඒ වගෙම තමා ඔබට අවශ්‍ය වන විදිහට ඔබෙ චැට් බොක්ස් එක වෙනස් කර ගැනීමට සෙට්න්ස් පවා ඔව්න් විසින් ලබා දෙනු ලබනවා.

මේ තියෙන්නෙ එම චැට් බොක්ස් එකයි.





ඒවගෙම තමා ඔබෙ බ්ලොග් අඩවියෙ කවුරුන් හෝ ස්පෑම් කරනවා නම් ඔවුන් නවත්වා දැමීමද මෙම චැට් බොක්ස් එක මගින් කල හැකියි.

මෙම චැට් බොක්ස් එක නිර්මාණය කර ලැබෙන codes ඔබ HTML\Java Script ගැජට් එකෙ Save කර ගත යුත්යි. ( මේ සඳහා මුල සිට පියවරවල් දැන ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න. )


ගූග්ල් චැට් බොක්ස් එක



මෙයද ඉහත සඳහන් ආකාරයටම ඇතුලත් කර ගත ‍යුතු වේ. මෙය ලබා ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.මෙම ලිපිනයට ගොස් ඔබට අවශ්‍ය ආකාරයට චැට් බොක්ස් එකෙහි උස , පළල සකස් කර ගන්න. ඉන්පසු ඉහත චැට් බොක්ස් එකෙහි ආකාරයටම HTML\Java Script ලෙස ඇතුල් කර ගන්න.